රසම රස සුප් වර්ග දෙකක්

0
11


කලබල වේලාවකදී පෝෂණයක් අවශ්‍ය මොහොතකදි අපහසුවකින් තොරව ඉතාමත්ම ඉක්මනින් සාදා ගන්නට හැකි රසවත් සුප් වර්ගයන් දෙකක්.

වැටකොළු සුප්

අවශ්‍ය දේවල්:

  • ළපටි වැටකොළු ග්‍රෑම් 350
  • එළවලු ස්ටොක් කෝප්ප 3
  • මාගරින් මේස හැඳි 1 1/2
  • කුඩාවට කපාගත් ළුණු ගෙඩියක්
  • කුඩාවට කපාගත් සුදු ළුණු ගෙඩි 2
  • පාන් පිටි මේස හැඳි 1 1/2
  • ලා රන්වන් පැහැයට බැද ගත්කොත්තමල්ලි ඇට තේ හැඳි බාගයක්
  • දෙහි යුෂ තේ හැඳි බාගයයි
  • ලුණු ගම්මිරිස් රස අනුව

සාදන ක්‍රමය:

වැටකොළු වල පොත්ත රැස හැඩයක් නොමැතිව කපන්න. බඳුනකට මාගරින් දමා මඳ රස්නෙන් රත් කරන්න. එයට ළුණු, සුදු ළුණු, කපාගත් වැටකොළු, කොත්තමල්ලි කුඩු දමා ටිකක් කලවම් කර එයට පිටි ටික ටික දමන්න. එළවලු ස්ටොක් ටික එකතු කරන්න. හැඳි ගාමින් තම්බා ගන්න. නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරන්න. දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් එක් කරන්න. බඳුනකට දමා මේසයට යවන්න.

ෆාමර්ස්  බ්‍රොත්

අවශ්‍ය දේවල්:

  • එළවළු ස්ටොක් ලීටර් 1
  • ඕට්ස් ග්‍රෑම් 25
  • කුඩාවට කපාගත් සුදු ළුණු බික් 1
  • කුඩාවට කපාගත් පාස්ලි තේ හැඳි බාගයක්
  • කුඩාවට කපා ගත් අල, කැරට්, ලීක්ස්, නෝකෝල්, ග්‍රෑම් 50 බැගින්
  • ලුණු සහ ගම්මිරිස්
  • රස අනුව මාගරින්

සාදන ක්‍රමය:

බඳුනකට මාගරින් දමා රත් කරන්න. එයට සුදු ළුණු, කැරට්, අල, ලීක්ස්, නෝකෝල්, පාස්ලි, දමා මඳ ගින්නේ පිස ස්ටොක් වතුර දමා තැම්බෙන්න හරින්න. ලුණු, ගම්මිරිස්, අවශ්‍ය ප්‍රමාණයට දමන්න. ස්වල්ප වේලාවකින් ඕට්ස් දමා විනාඩි 5 පිසින්න. බඳුනකට දමා මේසයට යවන්න.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here