පාලන ආයතන ඡන්දයට අදාළ නිල ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද සිට!

0
19


රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

අද (07) දිනයේ සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ, නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බවයි.

නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයට පෙර තම නිවස වෙත නොලැබුණහොත් අන්‍යන්‍යතාවය තහවුරු කර තැපැල් කාර්යාලයෙන් එය ලබාගන්නා ලෙස, තැපැල්පති රුවන් සත්කුමාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙන අතර, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (06) දිනයේ සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු එලෙස අවලංගු කර ඇති බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here