බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,235ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 1,235ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු වරකාපොල, මාහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සිදු කර ඇත්තේ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 46ක් වන තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වරකාපොල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here