එක්සත් ජනපදයට තවත් “රජවරු එපා “« No Kings » යන තේමාව යටතේ මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් මාර්තු 28 වෙනි සෙනසුරාදා වීදි බැසීමට නියමිත බව වර්තා වේ. ඒ අනුව මාර්තු 28 වන සෙනසුරාදා, ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්ට විරෝධය දැක්වීම සඳහා එක්සත් ජනපදය පුරා මහජන රැලි හා උද්ඝෝෂණ 3,000 කට වැඩි ප්‍රමාණයක් සැලසුම් කර ඇත. ට්‍රම්ප් ට එරෙහිව බලමුලු ගැන්වීමේ මෙම තුන්වන දිනය මැද පෙරදිග යුධ ගැටුම පුපුරා යාමෙන් හරියටම මාසයකට පසුව කැඳවා තිබීමද විශේෂිත වන බව එරට මාධ්‍ය වාර්තා කර සිටි.
එක්සත් ජනපදයේ, සියළු සිවිල් සමාජ සංවිධාන, ඩිමොක්‍රටික් පක්ෂය, වෘත්තීය සමිති සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන සියලු දෙනා මෙම මාර්තු 28 වන සෙනසුරාදා වීදි බැසීමට සුදානමින් සිටි. වසරකටත් අඩු කාලයකදී තුන්වන වරටත්, « No Kings » යන සටන් පාථය සහිත අරගලය වටා එක්සත් වූ ප්‍රගතිශීලී සංවිධානවල සන්ධානයක් නිර්මාණය කිරීමට සංවිධායකයෝ මේ වන විට සමත් වී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්ට එරෙහිව සංවිධානය කරනු ලබන ප්‍රධාන විරෝධතා දිනය මෙය වන අතර සියළුම සංවිධාන ට්‍රම්ප් යනු සියලු බලය තමන් වෙත අල්ලා ගැනීමට උත්සාහ කරන රජෙකුට සමාන කර « No Kings ” යන සටන් පාථය වටා එක් පෙරමුණකට ගොනු වී ඇත.
මාර්තු 28 වැනි දා නිව්යෝර්ක් සිට ඇලස්කාව දක්වා, මිලියන ගණනක් ඇමරිකානුවන් පාගමන් සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැද පෙරදිග ගැටුම ආරම්භ වී හරියටම මාසයකට පසු මෙම මහා පරිමාණ පුරවැසි බලමුලු ගැන්වීම සංවිධානය කරනු ලැබීම තුලින් විශාල ජනතාවක් ඒ සඳහා සම්බන්ධ වීමට නියමිතව ඇත. සංවිධායකයින්ට අනුව, එය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කැඳවු දෙවන « No Kings » විරෝධතාව අතරතුර ගණන් කරන ලද මිලියන 7ට වඩා වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වනු ඇත. මේ වන විට ඇමරිකානු සමාජය තුල 70%ක ප්‍රමාණයක් මැද පෙරදිග යුද්ධයට තම විරෝධය පල කර ඇති නිසා ඇමරිකානු ජනතාවගේ ඍජු මැදිහත් වීමක් මෙම විරෝධතාවයන් තුල දක්නට ලැබෙනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු සංවිධාන කරනු ලබන විශාලතම විරෝධතා ව්‍යාපාරය ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය සැලකේ. මැතිවරණ පොරොන්දු උල්ලංඝණය කිරීම, විදේශ රටවලට එරෙහිව හමුදා මෙහෙයුම් හා බලහත්කාරය උත්සන්න කිරීම, දැවැන්ත අයවැය හිඟය හා ණය ප්‍රතිශතය ඉහල යාම, ඉහල උද්ධමනය වැනි කාරනා හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කර ඇත්තේ එරට ජනතාවගෙන් 40% ක් පමණ ප්‍රමාණයකි. නොවැම්බර් මාසයේ මධ්‍ය කාලීන මැතිවරණයක් අපේක්ෂා කරන අවස්ථාවක ජනතා බලය ප්‍රදර්ශණය කිරීම මෙම උද්ඝෝෂණ මාලාවේ තවත් ප්‍රධාන අරමුණ බව ඔවුන් පවසා සිටි.
“2025 දී සරල විරෝධතා දිනයක් ලෙස ආරම්භ වූ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ට්‍රම්ප් පාලනයට එරෙහිව දිගුකාලීනව රටපුරා දැවැන්ත ප්‍රතිරෝධයක් බවට පරිවර්තනය වී ඇත. එය “කවදාවත් මෙතරම් බලවත් වූයේ නැත” යැයි ඇමරිකානු මාධ්‍ය වර්තා කර සිටි. සෙනසුරාදා පෙළපාළිවලට සම්බන්ධ වීමට අදහස් කළ අයගෙන් තුනෙන් දෙකක් පමණ දෙනා ප්‍රධාන නගරවලින් පිටත ජීවත් වන බවත්, පෙර පැවැති විරෝධතා දිනයන්ට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් මාර්තු 28 වනදා සිදු විය හැකි බවත් සංවිධායක කණ්ඩායම් පෙන්වා දෙයි.
සමස්තයක් වශයෙන්, එක්සත් ජනපදය පුරා රැලි 3,000 කට වැඩි ප්‍රමාණයක් සංවිධානය කර ඇති අතර සංක්‍රමිකයින් සම්බන්ධ ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) කාර්යාල වැටලීම්, ඉරානයේ යුද්ධය, මිල ඉහළ යාම සහ නීතියේ ආධිපත්‍යයට එල්ල වන ප්‍රහාර හෙළා දැකීමට මෙහි දී සැලසුම් කර ඇති ප්‍රධාන විරෝධතා අතර වේ. මෙම දිනයේ කේන්ද්‍රස්ථානය මිනසෝටා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය ජනවාරි මාසයේ දී මිනියාපොලිස් හි පොලිස් වෙඩි පහරින් මිය ගිය Renée Good සහ හෙදියක් වන Alex Prettiගේ මරණවලින් දැඩි ලෙස කම්පා වූ ප්‍රදේශ ලෙස සැලකේ. මිනියාපොලිස් හි වෙඩි තබා ඝාතනය කරන ලද ඇමරිකානු හෙදිය Alex Pretti “ලෝකය වෙනස් කිරීමට” අවශ්‍ය වූ නිතර ඒ සඳහා මැදිහත් වූ කාන්තාවක් ලෙස සැලකේ.
ඇමරිකානු රොක් සංගීතයේ ජාත්‍යන්තර තරුවක් වන සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේචකයෙකු වන ඇමරිකානු සුප්‍රකට ගායක Bruce Springsteen ද විරෝධතා සඳහා සම්බන්ධ වීමට නියමිතය. ඔහුගේ “Streets of Minneapolis” ගීතය සමඟ ප්‍රාන්ත අගනුවර වන ශාන්ත පෝල් හි දී ඒ සඳහා එක්වීමට අපේක්ෂා කෙරේ. එම ගීතය ඇමරිකානු ICE ෆෙඩරල් නියෝජිතයන් විසින් මරා දැමූ ඇමරිකානු පුරවැසියන් දෙදෙනාට උපහාරයක් ලෙස පැය 24 ක් තුළ ලියා පටිගත කරන එයතිහාසික ගීතයක් වනු ඇත. Bruce Springsteen එහි දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර, විරෝධතාකරුවන් 100,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර සංගීත ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට ඔවුන් පාගමනකින් එක් වීමට නියමිතව ඇත.
වියට්නාම යුධ සමයේ පැවැත් වූ යුධ විරෝධී දැවැන්ත පා ගමන් සංගීත සංදර්ශන, පෙළපාලි වලට සමාන තත්වයක් මෙම මාර්තු 28 වැනිදා ඇමරිකාව පුරා නිර්මාණය වීමට ඉඩ ඇති අතර ඇමරිකානු සමාජය තුලින් දැවැන්ත විරෝධයක් ද ට්‍රම්ප් ගේ පාලනයට එරෙහිව ගොඩනැගෙනු ඇතැයිද දේශපාලන විචාරකයින් මේ අතර පෙන්වා දෙයි.
0
Saru News
















