වායුගෝලයේ උණුසුම අවධානය යොමු කළ යුතු ඉහළ මට්ටමක – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි – Saru News | සිංහල

0
10

අද (28) දිනයේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 39 – 45 අතර අවධානය යොමුකළ යුතු මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසයි.

පවතින උණුසුම් තත්වය හේතුවෙන් සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here