හොඳට පටන් අරගෙන නරකට අවසන් කිරීම

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 28, කොළඹ LNW:

ශ්‍රී ලංකාව අවුරුදු 20 න් පහළ දකුණු ආසියාතික තරගාවලිය ආරම්භ කළේම මාල දිවයින පරාජයට පත් කරමින්ය.එය වසර 24 ට පසුව කුමනාකාරයක හෝ මාල දිවයින කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පරාජය වූ අවස්ථාව ලෙස ද මාධ්‍ය වාර්තා කර තිබිණ.පළමු තරගයේ ශ්‍රී ලංකාව පෙන් වූ සටන්කාමීත්වය සමඟ එකට බැදුණ සැළසුම් සහගතභාවය ඉනික්බිති දකින්නට නොලැබිණ.නේපාල තරගයේදී මෙන්ම අවසානයේ දී භුතානය අතර තරගයේදී ද යම් ආකාරයක මන්දෝත්සාහී බවක් නැතිනම් සුළු අලසකමක් විසින් ඇති කරන ලද ප්‍රමාදයන් ශ්‍රී ලංකාවට තරගයේ ජය අහිමි වන මොහොතවල් නිර්මාණය කළේය.

භූතානය සමඟ පැවති තරගයේ දී වැඩි අවස්ථාවන් ගෝල ලබා ගැනීම සඳහා සහ ඒ කෙරෙහි යොමු වන්නටත් නිර්මාණය වුණේ ශ්‍රී ලංකාවටය.එහෙත් ඒවා ඉහත කී ප්‍රමාදයන් නිසා ඇති වන සැළසුම් සහගත නොවන තත්ත්වයන් මත ශ්‍රී ලංකාවට අහිමි විය.

භූතාන තරගයේ දී නියමිත විනාඩි 90 ට එකතු වූ අතිරේක කාලය එනතෙක්ම වැඩි වාසි ශ්‍රී ලංකාවට හිමිවන අන්දමේ එහෙත් ජය පරාජයෙන් තොරව නිමාවීමට ඉඩ ඇති තරගයක් ලෙස තරගය ගලා ගියේය.ශ්‍රී ලංකාවට අවසාන පූර්ව තරග වටයට පිවිසෙන්නටනම් පරාජය නොවී සිටීම ප්‍රමාණවත් විය. එහෙත් තරගය ජය ගැනීම හෝ ජය පරාජයෙන් තොරවීම හැරෙන්නට පරාජය වෙයි කියන හැඟීම අවසානයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය අන්තිම විනාඩි හයේ දෙවැනි විනාඩියේදී ජයගැනීමේ හැඟීම සහ පරාජය නොවී සිටිමි කියන හැඟිම ඒකාබද්ධ වි ක්‍රියාත්මක වූ භූටාන තරුණයන් අතරේ සිටි තන්ඩින් ෂෙවාන්ග් ගෝලය දෙසට යොමු කළ පන්දුව නවතන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මුළු වෙර යෙඳූ නැති තැන,එය දෙන්දූප් ජෙල්ට්ෂෙන්ගේ හිසින් ගෝලයක් බවට පරිවර්ථනය විය.

ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ ලකුණු 3 බැඟින් ලබා ගෙන භුටානය සමග සමව සිටින්නේය.ගෝල ලබා ගැනීමට වඩා ශ්‍රී ලංකාව ප්‍රතිවාදීන්ට ගෝල ලබා දීමේදී දක්වා ඇති දුර්වලකමක් දකින්නට ඇත.එහිදී පළමු තරගයේදී ශ්‍රී ලංකාව මාල දිවයිනට ලබා දුන් ගෝල දෙකම නොදිය යුතුව තිබුණ ගෝලය.එයින් එක් ගෝලයක්නම් මාල දිවයින නොලැබියම යුතුව තිබුණ ගෝල රකින්නාගෙන් සිඳු වූ වරදක්ය.අතීත වැරදි අනාගතයට බලපාන බව පැහැදිළි කරමින් එම ගෝලයද සමස්ත ගෝල් සංඛයාව ගණන් හදද්දී ශ්‍රී ලංකාව ලබා ගත් ගෝල තුනට එරෙහිව ප්‍රතිවාදීන්ට ගෝල 4 ක් ලබා දී ඇති බව සහතික කරන්නේය.

හැබැයි කොල්ලො ටික මරුය.හෙට දවස අඳුරු නැත කියන්නට නම් මුං ව යතු ගා අවශ්‍යය හැඩයට සකසා ගත යුතුය.එහෙත් යතු ගා හදන පාපන්දු ක්‍රීඩකයාගේ සමහර තැන්වල අරටුව සහිත ගැට ද නොකැපී තිබිය යුතුය.ඒ නිසා පාපන්දු ශිල්පය හරයටම වැටුණොත් වැඩි තැන් කැපී තිබෙන හොඳ තැන් තවත් හොඳට හැදී ගැට සහිත අරටුවක් සහිත සවිමත් පාපන්දු වෘක්ෂ බවට මේ කොල්ලන් රෑන පත් කර ගත හැකිය.ජස්වර් ඇතුළු පරිපාලනයත්,එයින් මතුව එන පරිපාලනයනුත් මේවා ගැන අවදියෙන් අවබෝධයෙන් පෙරට ගෙන යන වැඩ සටහන් අචලව අඛණ්ඩව සුරැකිය යුතුව ඇත.

ඡායාරූපයේ සිටින්නේ 92 වන විනාඩිය තෙක් ශ්‍රී ලංකාව විශ්වාස කළ අවසන් පූර්ව සිහිනය යථාර්තයක් නොවන බව සහතික කළ ගෝලය වාර්තා කළ භූතානයේ දෙන්දූප් ජෙල්ට්ෂෙන්ගේ ය.

The post හොඳට පටන් අරගෙන නරකට අවසන් කිරීම appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here