වැඩ සැළසුමක පල රැඟෙන ජාතික කණ්ඩායම බංගලාදේශයට – 19 පහළ යෞවනියෝ තුන් කොන් තරගාවලියට ඔස්ට්‍රේලියාවට

0
4

මෑත කාලීනව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ සේ වැඩෙමින් පවතියි.ඒ,රට පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලැබෙන ආධාර අනුග්‍රහයන් හේතු කරගෙනයි.ජාතික මට්ටමේ ක්‍රිකට් තරග මෙන්ම රටපුරා විවිධ ප්‍රබේදවලට බෙදමින් පවත්වන ක්‍රිකට් තරග දැකිය හැකිය.දිස්ත්‍රික් සංචිතවල සිට පළාත්,ජාතික දක්වා ඇති පැහැදිළි විකාශය සමඟ අන්තර් සමාජ,දිස්ත්‍රික,පළාත් මෙන්ම සුපිරි පළාත් දක්වා වන තරග මෙන්ම පාසල් මට්ටමෙන් ඇති කර තිබෙන ප්‍රබෝධය හමුවේ විවිධ වයස් කාන්ඩ අතරේ සංවිධානය වන තරග ද මේ අතර දකින්නට ලැබේ.

එහි දිගුව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තරය කරා ගෙන යද්දී ද ජාතික කණ්ඩායමට සීමා නොවී,ඒ කණ්ඩායම්වලට ද,වයස් කාණ්ඩවලටද බෙදා තරග පැවත්වීම සිඳුවෙයි.ඒ අනුව මේ වන විට පිරිමි ජාතික කණ්ඩායම දක්වා එන්නට සැකසී ඇති ක්‍රමවත් පියගැට පෙළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ද සැකසී ඇත.

එහි කදිම නිදසුනක් පෙන්වා දිය හැකි ජාත්‍යන්තර තරගාවලි දෙකක් පෙනෙන මානයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වෙනුවෙන් සැකසෙමින් ඇත.එයින් එකකට ජාතික කණ්ඩායම සහභාගි වෙයි.අනිත් තරගාවලියට සහභාගි වන්නේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමය.

අප්‍රේල් 20 වන දා බංගලාදේශ සංචාරයේ තරග වැදීම එක්දින තරගයකින් ඇරඹෙන අතර තරගාවලිය නිමා කරමින් තෙවන 20/20 තරගය පැවත්වෙන්නේ මැයි 2 වන දා ය.පහතින් දක්වා ඇත්තේ විස්සයි විස්ස තරග 3 ක් සහ එක්දින තරග 3 ක් සහිත එම තරගාවලියේ තරග කාලසටහනය.

අප්‍රේල් 20 වන දින පළමු එක්දින RDVS, රාජ්ෂාහි දින තරගය
අප්‍රේල් 22 වන දින දෙවන එක්දින RDVS, රාජ්ෂාහි දින තරගය
අප්‍රේල් 25 වන දින තෙවන එක්දින RDVS, රාජ්ෂාහි දින තරගය
අප්‍රේල් 28 වන දින පළමු T20I SICS, සිල්හෙට් රාත්‍රී තරගය
අප්‍රේල් 30 වන දින දෙවන T20I SICS, සිල්හෙට් රාත්‍රී තරගය
මැයි මස 2 වන දින තෙවන T20I SICS, සිල්හෙට් රාත්‍රී තරගය
අවුරුදු 19 න් පහළ කණ්ඩායම සංචාරය කරන්නේ ඔස්ට්‍රේලියාවේය.ඒ තුන්කොන් තරගාවලියක් සඳහා ය.ඒ සඳහා ශ්‍රී ලංකාවට සහ සත්කාරක ඔස්ට්‍රේලියාව හැරුණු විට එංගලන්තය ද සහභාගි වන්නේය.සමස්ත තරගාවලියේ මූලික තරග වටයේ දී ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග හතරකට සහභාගි වෙයි.එසේම එක්දින පන්දු වාර 50 තරග දෙකකි.පහතින් දැක්වෙන්නේ තරග කාල සටහනය.

ඕවර 50
2026 අප්‍රේල් 7 වන දින ශ්‍රී ලංකාව සහ එංගලන්තය
ඉයන් හීලි ඕවල්,
බ්‍රිස්බේන්
පෙ.ව. 09.30

ඕවර 50
2026 අප්‍රේල් 8 වන දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර
ඉයන් හීලි ඕවල්,
බ්‍රිස්බේන්
පෙ.ව. 09.30

T20
2026 අප්‍රේල් 12 වන දින ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව සහ එංගලන්තය
ඉයන් හීලි ඕවල්,
බ්‍රිස්බේන්
පෙ.ව. 09.30

2026 අප්‍රේල් 13 වන දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව
T20
බිල් පිපන් ඕවල්,
ගෝල්ඩ් කෝස්ට්
පෙ.ව. 09.00

T20
2026 අප්‍රේල් 17 වන දින ශ්‍රී ලංකාව සහ එංගලන්තය
ඉයන් හීලි ඕවල්,
බ්‍රිස්බේන්
පෙ.ව. 05.30

T20
2026 අප්‍රේල් 18 වන දින ශ්‍රී ලංකාව එදිරිව ඕස්ට්‍රේලියාව
ඉයන් හීලි ඕවල්,
බ්‍රිස්බේන්
පෙ.ව. 05.30

අවුරදු 19 පහළ තරගාවලිය ජාතික කණ්ඩායමේ පෙර පැවත්වෙන තරගාවලිවලට පෙර පැවත්වෙන නිසා සමහර විට ඒ හරහා මතුවන අලුත් ක්‍රීඩකයන් ද දැන හදුනාගෙන ජාතික කණ්ඩායමට ඇතුළත් කරන්නට ඉඩ ඇත.

The post වැඩ සැළසුමක පල රැඟෙන ජාතික කණ්ඩායම බංගලාදේශයට – 19 පහළ යෞවනියෝ තුන් කොන් තරගාවලියට ඔස්ට්‍රේලියාවට appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here