ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ට 25%ක් ගෙවන්න පොරොන්දුවක්

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු සියයට 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමන්ට පොරොන්දුවක් ලබාදුන් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

“අපි යෝජනා හතරක් ඉදිරිපත් කරලා තිබ්බා. ඒ යෝජනා හතර සඳහා සාධනීය විසඳුමක් ලබාදීමට පොරොන්දු වුණා. අපිට අවශ්‍ය මිල සූත්‍රය යාවත්කාලීන කරගන්න අවශ්‍යතාවක් තිබුණා. ඒ ගැන අඟහරුවාදා උදේ 10.30ට රැස්වීමක් තිබෙනවා. ඒ රැස්වීමේදී මේ ගැන අවසන් තීරණයක් ගන්න තීරණය කළා.

නගරාන්තර ගාස්තුව සියයට 25කින් වැඩි කරලා ඉල්ලුවා. අපිට ඒක ලබාගන්න පුළුවන් වුණා. ඒක නිසා දැනට මිල සූත්‍රය අප්ඩේට් කරන එක අඟහරුවාදා උදේ වෙනකම් කල් ගිහින් තියෙනවා. සාකච්ඡාවේදී සාධනීය විසඳුමක් ලබා දෙන විශ්වාසය අපිට ආපු නිසා අපි සංගම් දෙකම ඒකමතිකව තීරණය කළා හෙට උදෑසන සිට නැවත බෙදාහැරීම් කටයුතු සිදු කරන්න.

ප්‍රමාදවෙලා තිබුණ මිල සූත්‍රය යාවත්කාලීන කරගැනීම තමයි අපේ එකම අරමුණ වෙලා තිබ්බේ. ඒකත් එක්ක නගරාන්තර ගාස්තු වැඩි කරගැනීමට අවස්ථාවක් තිබ්බා. ඒකත් අපි යෝජනා කළා. සංගමයක් විදිහට බෙදාහැරීමේ කටයුතු කරද්දී ගැටලු කිහිපයකුත් අපි ඉදිරිපත් කළා. එහිදී නගරාන්තර ගාස්තු විදිහට 25ක් දෙන්න පොරොන්දු වුණා”

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා මේ බව පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරින් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ට 25%ක් ගෙවන්න පොරොන්දුවක් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here