මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවෙන් අත්අඩංගුවට ගත් හත්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර.

0
16


බහු දින ධීවර යාත්‍රාවක අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 671ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 191ක් ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හත්දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා.

මෙම සැකකරුවන් හත්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

ඉන් අනතුරුව මෙම සැකකරුවන් අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලිම පිළිගත් අධිකරණය අදාළ සැකකරුවන් පොලීසිය භාරයේ දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here