රවිරාජ් ඝාතන නඩුවේ සැකකරුවන් නිදහස් කළ තීන්දුව ඉවතට – නඩුව යළි විභාග කකිරීමට නියෝග – Saru News | සිංහල

0
4

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නිශ්ප්‍රභා කිරීමට අභියාචනාදීකරණය එම නඩුව යළි විභාග කරන ලෙස නියෝග කර තිබේ.

අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ, අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපති ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවය.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ සශී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදහස් කරමින් දුන් “නඩු තීන්දුව අලුයම 12.50ට ලබාදී තිබීම අසාමාන්‍ය තත්වයක්” යැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අවධාරණය කර ඇත.

මෙහි විත්තිකරුවන් වන්නේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණි සෙනෙවිරත්න, ප්‍රදීප චමින්ද මෙන්ම සිවකාන්තන් විවේකානන්දන් හෙවත් `චරන්’ සහ ෆෝබියන් රොයිස්ටන් යන සිව් දෙනාය.

එමෙන්ම නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා ලෙස සිටි, එවකට ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල් සම්පත් මනම්පේරි රජයේ සාක්ෂිකරුවෙකු ලෙස 2016 ඔක්තෝබර් 26 වෙනි දින නම් කර තිබිණි.

ඔහු මේ වනවිට මහා පරිමානයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here