මූලික අයිතිවාසිකම් කඩ කළ කෙහෙලිය ඇතුළු පිරිසට කෝටි 27.5ක දඩ – Saru News | සිංහල

0
3

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු 05 දෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ට රුපියල් කෝටි 27.5ක දඩ නියම කර තිබේ.

ඒ, 2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කර මිණි.

මෙම විභාගයට ගනු ලැබූවේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක දඩ මුදලක් රජයට ගෙවිය යුතුය.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත රුපියල් මිලියන 50ක මුදලක්ද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී ජයරත්න රුපියල් මිලියන 50ක දඩ මුදලක්ද රජයට ගෙවිය යුතු අතර,

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර රුපියල් මිලියන 50ක මුදලක්ද, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් රුපියල් මිලියන 50ක දඩ මුදලක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතුය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (Transparency International Sri Lanka) ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් විසිනි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here