මැයි දක්වා රස කැවිලි මිල ස්ථාවරව පවතී..

0
5

රෂිකා හෙන්නායක මාර්තු 27, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් එළඹෙන 2025 මැයි මාසය දක්වා සිය භාණ්ඩවල මිල ඉහළ නොදැමීමට රජය වෙත එකඟතාව පළ කර ඇත.

වෙළඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකදී බිස්කට්, චොකලට් සහ අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන සඳහා මෙම සහනය ලබා දීමට තීරණය කෙරුණේ පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීමේ අරමුණින්ය.

ජාත්‍යන්තර අර්බුද හේතුවෙන් අමුද්‍රව්‍ය මිල සහ ප්‍රවාහන වියදම් ඉහළ ගියද, උත්සව සමය නිමවන තෙක් පවතින මිල ගණන් ස්ථාවරව පවත්වා ගැනීමට කර්මාන්තකරුවන් මෙහිදී එකඟ විය.

මෙරට වෙළඳපොළ අවශ්‍යතාවයෙන් සියයට 95ක් පමණ සපුරාලන මෙම දේශීය කර්මාන්තය රැකගැනීම සඳහා රජයේ මැදිහත්වීම සහ සහයෝගය අපේක්ෂා කරන බව නිෂ්පාදකයින් අවධාරණය කළහ.

කෙසේ වෙතත්, මැයි මාසයෙන් පසුව මිල සංශෝධනයක් සිදු වන්නේ විදුලි ගාස්තු සහ ඉන්ධන මිල වැනි සාධක තවදුරටත් ඉහළ ගියහොත් පමණක් බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

The post මැයි දක්වා රස කැවිලි මිල ස්ථාවරව පවතී.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here