සටහන – රුවන් නෙළුගොල්ල
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ.
නඩු කටයුත්තක් සඳහා ඔහු මෙසේ අධිකරණයට පැමිණ ඇත.
කුමාර ජයකොඩි මහතා 2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට වාසි සහගත වන අයුරින් කටයුතු කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 88කට අධික මුදලක් පාඩුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබූ අතර ඔහුට අද (27) දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ද නිකුත් කර තිබිණි.

The post අල්ලස් නඩුව : බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර අධිකරණයට appeared first on LNW Sinhala.
Saru News
















