අප්‍රේල් 06 තෙක් දින 10කින් කල් දමයි – Saru News | සිංහල

0
3

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරාණයට අප්‍රේල් 06 වනදා තෙක් කාලය ලබා දෙන බව ඇමරිකා එක්සත් ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මීට පෙර ඔහු ප්‍රකාශ කර සිටියේ පැය 48ක් තුළ මෙම නැව් මාර්ගය විවාත නොකරන්නේම් ඉරානයේ බලශක්ති පද්ධතිය සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවය.

කෙසේ වෙතත් පසුව ඔහු එය දින 05ක් දක්වා කල් දැමීමට කටයුතු කළ අතර මේ වනවිට එය අප්‍රේල් 06 දක්වා දින 10ක් කල් දැමීමට කටයුතු කර ඇත.

සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය, තෙල් නැව් 10කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර දුන් බව ට්‍රම්ප් මාධ්‍ය වෙත පවසා ඇත.

මෙය ඇමෙරිකාවට ලැබුණු විශාල තෑග්ගක් යැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා තෙල් නැව් 08කට අවසර ලබා දෙන බව ඉරානය මුලින් ප්‍රකාශ කළද, අවසානයේදී එය තෙල් නැව් 1‍0ක් වූයේ යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් ඉරානය දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ එවැනි එකඟතාවයක් නොමැති බවත් සාකච්ඡා සිදුවන්නේනම් තම කොන්දේසිවලට ට්‍රම්ප් එකඟ විය යුතු බවත්ය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here