පන්නිපිටිය ධර්මපාලය හරහා ජාතික මට්ටමෙන් කැපී පෙණුන ටයිකොණ්ඩෝ සූරියක වන චුෂාධි කෞශල්‍යා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් පන්දුවට දැඩි ප්‍රහාරයක් එල්ල කළාය.පන්දු 60 ට එල්ල කළ එම ප්‍රහාරයේදී ඇයගේ පිත්තෙන් නොදැවී වාර්තා වි තිබූ ලකුණු 67 ට හතරේ පහර නවයක්ද එකතු වී තිබිණ.
කොළඹ දකුණ කණ්ඩායම නියෝජනය කරමින් කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව චුෂාධි මෙම ප්‍රහාරය එල්ල කලේ ආරම්භක පිතිකාරිනිය ලෙස පැමිණෙමින්ය.පන්දු ඕවර් 20 නිමාවේදී ද නොදැවී සිටි ඇය විසින් ලකුණු 67 න් දුන් දායකත්වය නිසා කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 5 ට ලකුණු 125 ක් රැස් කරන්නට අවස්ථාව ලැබිණ.පිළිතුරු ඉණිමට පිවිසි කොළඹ උතුර බලාපොරොත්තු සුන් කර දැමූ මෙතුලි සමරවික්‍රම ලකුණු 5 ට කඩුලු 3 ක් සහ දිනිති නාගසිංහ ලකුණු 3 ට කඩුලු 3 ක් ලබා ගනිමින් කොළඹ උතුරට කළ බලපෑම නිසා තරගයේ 14 වන ඕවරයේ අවසාන පන්දුවේදී අවසාන පිතිකාරිණිය ද ලකුණු පූවරුව 57 ක් ව තිබියදී දවා ගන්නට හැකි විය.ඒ අනුව කොළම දකුණ කණ්ඩායමට ලකුණු 73 ක් ජයක් හිමි විය.
අම්පාර දිස්ත්‍රික් කණ්ඩායම ද නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් අතර තිබෙන තරගාවලියේ තව දුරටත් පෙරමුණ ගනිමින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම කඩුලු නවයකින් පරාජය කරන්නට සමත් විය.පන්දු ඕවර 20 නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 81 ට ත්‍රීකුණාමලය සීමා කරන්නට පෙරමුණ ගත්තේ ෂෙහාරා දේවින්දි ය.ඇය ලකුණු 7 ට කඩුලු 4 ක් දවා ගනිමින් පන්දුවෙන් ඉහළ දස්කම් දැක්වූවාය.
පිළිතුරු ඉණිම පන්දු ඕවර් 9.2 දී නිමා විය.නවවන පන්දු ඕවරයේ දෙවන පන්දුව යවන විටත් අම්පාර පිළිතුරු ලෙස ලකුණු 81 ලබා සිටි අතර පන්දු යැවූ නයෝමි කෞශල්‍යා තෙවන පන්දුව ගණනය නොවන පන්දුවක් කරමින් නිපන්දුවක් ලෙස යොමු කළේ අම්පාර කණ්ඩායමට කඩුලු 9 ක ජයක් හිමි කර දෙමින්ය.අම්පාර වෙනුවෙන් එක දිගට පිත්තෙන් හපන්කම් පාන එරන්දි හංසමාලි නොදැවී ලකුණු 51 ක් රැස් කරන්නට සමත් විය.ඇය පන්දු 24 දී වාර්තා කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 11 ක් ද ඇතුළත් කර තිබිණ.
එසේම කළුතර කණ්ඩායම විසින් වැඩි වෙහෙසක් නොගෙන ගම්පහ පරාජය කිරීම ද සිඳු විය.කළුතර කන්ඩායම සතු දක්ෂ පන්දු යවන්නිය තක්ෂිලා රුවන්තාරකී මේ තරගයේදී ද ලකුණු 12 ට කඩුලු 3 ක් දවා ගනිමින් ගම්පහට එරෙහිව ඇති කළ පීඩනය නිසා ඔවුන් ලකුණු 67 ට දැවී ගියේය.එම ලකුණු ප්‍රමාණය හඹා ගොස් ඉස්සර කිරීමට වැඩි හදිසියක් නොපෙන් වූ කළුතර කණ්ඩායම පන්දු ඕවර් 11.4 දී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 68 ක් රැස් කරන්නට සමත් විය.
එසේම ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩක භූමිකාවෙන් නොනැවතී තවත් මාර්ග කරා ගෙන යා හැකි බවට වන සළකුණක් ද කොළඹ දකුණ සහ උතුර හමු වූ තරගයේදී මෙන්ම කළුතර සහ ගම්පහ අතර තරගයේදී ද දැක ගන්නට ලැබිණ.ඒ මෑතක් වන තුරුම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සිටි දක්ෂ කඩුලු රකින්නියක වන ඩිලානි මනෝදරා මෙම තරගවලදී විනිසුරුවරියක ලෙස කටයුතු කිරිම නිසාය.


The post ටයිකොණ්ඩෝ සූරියගෙන් ක්‍රිකට් පන්දුවට තද ප්‍රහාරයක් appeared first on LNW Sinhala.
Saru News
















