වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරීමට නිර්දේශ

0
12


වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වෙත අද (6) යොමු කර තිබෙනවා.

මීට අමතරව මෙම සිදුවීමේදී තම රාජකාරිය පැහැරහරින ලද බවට නිරීක්ෂණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මස  1වනදා රාත්‍රියේ දී නාවල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සිටි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බවටයි තොරතුරු වාර්තා වුණේ.

එම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙලෙස වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම මෙම නිර්දේශ වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත්කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here