ඩුබායි ඔටුන්න හිමි කුමරු ආසියාවේ සංචාරයක

0
16


ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ලබන සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය – එක්සත් අරාබි එමීර් රාජ්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම එම සංචාරයේ අරමුණයි.

සංචාරය අතරතුර, ඔටුන්න හිමි කුමරු ආරක්ෂක සබඳතා කෙරෙහි ප්‍රධාන අවධානය යොමු කරමින් ඉහළම ඉන්දීය දේශපාලන නායකත්වය හමුවනු ඇතැයි වාර්තා වේ.

එරට ආරක්ෂක අමාත්‍යවරයා ද වන 42 හැවිරිදි ෂීක් හම්දාන් ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවීමට ද නියමිතයි.

මෙම පැමිණීම සිදුවන්නේ ඉන්දීය රජය එමීර රජ පවුලේ නව පරම්පරාව සමග මිත්‍ර සබඳතා වර්ධනය කර ගනිමින් සිටින පසුබිමක් තුළයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලකයා වන ෂෙයික් හම්දාන්ගේ පියා ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් කිහිප වතාවක්ම හමුවී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here