2026 පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා අංශවල ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,401.78ක් ලෙස වාර්තා වී තිබේ.
එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22%ක වාර්ෂික වර්ධනයකි.
ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමග, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32%කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88ක අගයක් වාර්තා කර තිබේ.
සේවා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 334.9ක අගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68%ක වැඩිවීමකි.
2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුළ මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56%ක කැපී පෙනෙන වර්ධනයකි.
ඒ අනුව අපනයන ආදායමේ වර්ධනය, භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී තිබීමයි.

0
Saru News
















