ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (26) පෙරවරුවේ රැස් විය.
පවත්නා ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඔවුන්ට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සංචාරකයන්ගේ පැමිණීම, හෝටල් සහ සංචාරකයන් ගැවසෙන ස්ථාන යථාවත් ලෙස පවත්වාගෙන යාම සහ යුදමය තත්ව නොමැති රටවල්වලින් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම, මේ වනවිට ආරම්භ කර තිබෙන බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සහ එහි ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.
සිනමා සංචාරක ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඊට විසඳුම් සෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෙට්වින්ග් ට්‍රැවල්ස් සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








3
Saru News
















