බූස්සේ රැඳවියෙක් ඇනුම් තුවාල සහිතව මිය යෑම ගැන පුළුල් විමර්ශණයක්

0
13


බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන ද මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුනොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

සියළුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here