මැදපෙරදිග යුද්ධය මැද ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න පෙරටුගාමීන්ගෙන් යෝජනා!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පවතින මැදපෙරදිග යුද්ධය මත ඇතිවන දේශපාලන හා ආර්ථික කැළඹීම් හඳුනාගෙන ඊට මුහුණ දීම වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ආණ්ඩුවට කරුණු කිහිපයක යෝජනා කර තිබේ.

යුද්ධය උන්ගේ විනාශය අපේ! අධිරාජ්‍යවාදී යුද්ධය එපා!’ තේමාව යටතේ කොළඹ සිංහ සමාජ ශාලාවේදී ඊයේ (25) පැවති සංවාද කතිකාවේදී එය ප්‍රකආෂ කෙරුණි.

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව සංවාදයට එක්වෙමින් පැවසුවේ පවතින තත්ත්වය යොදා ගනිමින් රාජපක්ෂ පාලන සමයේ ඇතිකරගත් යුද ගිවිසුම් වහා අහෝසි කිරීමත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමෙන් නිදහස් වීමත්,ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය මත පනවා තිබෙන බදු ඉවත් කර සාමාන්‍ය ජනතාවට සහනයක් දීමත් ඇතුළු කාරණා කළ හැකි බවයි.

”මේ යුද්ධයත් එක්ක ලෝකයේ ආර්ථික සහ දේශපානලන කැළඹීම් ඇතිවෙන්න පුලුවන්. ඒ දේශපානලන ආර්ථික කැළඹීම් නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ ක්‍රියාමාරග නොගත්තොත් අපිට රටක් විදිහට විශාල අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවට යම් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතුයි කියලා. එකක් තමයි අපි මේ වෙනකොටත් විවිධ රටවල් එක්ක යුද ගිවිසුම් අත්සන් කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂලා අත්සන් කරලා යහපාලන ආණ්ඩුව කාලේ දින නියමයක් නැතුව දීර්ඝ කරපු ඇක්සා ගිවිසුම එයින් එකක්. ඊටපස්සෙ වර්තාමන ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලා. ඊටපස්සෙ ජපානය එක්ක තව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. මේ ගිවිසුම් අත්සන් කළේ ජනතාවට හොරෙන්. මේවගේ තියෙන්නේ මොනවද කියලා තාම රටට හෙළිදරව් කරලා නැහැ. අපි ආණ්ඩුවට කියනවා රට අනතුරේ හෙළන මේ යුධ ගිවිසුම් වහාම අහෝසි කරන්න කියලා.
අන්ති එක තමයි ජත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක අත්සන් කරපු ඉතාම අවාසිසහගත ණය ගිවිසුමෙන් ගැලවෙන්න මේක අවස්ථාවක් කරගන්න පුලුවන්. මොකද මේ ණය ගිවිසුම නිසා අපි රටක් විදිහට ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා මේ ගිවිසුම සමාලෝචනය කිරීම වහාම කල යුතුයි.

ඊලගට ආහාර ද්‍රව්‍ය, අධ්‍යාපන සහ සෞඛ්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රව්‍ය මත පනවල තියෙන බදු ඉවත් කරලා සාමාන්‍යෙ ජනතාවට සහනයක් දෙන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මේ වෙනකොට තියෙන්නේ ඉතාම පහත් අඩියක. දැන් ආණ්ඩුව තෙල් මිල වැඩි කරමින් යනවා. අපි දන්නවා තෙල් සංස්ථාව සතු රුපියල් බිලියන 900ක ණයක් ‍රනිල්ගේ කාලේ මහා භාණ්ඩාගාරයට පවර ගත්තා. ඒ ණය බදු මගින් කපාහරින විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අනුව ඉන්ධනවලින් වාර්ෂිකව රුපියල් බිලියන 15කට වැඩි බද්ධක් රජයට ලැබෙනවා. හැබැයි මේ වෙලාවේ අපි හිතනවා ඩීසල් සඳහා බදු සහනයක් ලබා දිය යුතුයි කියලා. මොකද ඩීසල් මිල ඉහළ යාම පොදුවේ අනෙක් සියලු ක්ෂේත්‍රවල මිල ඉහළ යාමට බලපානවා. පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, කෘෂි යන්ත්‍රෝපකරණ, ධීවර කටයුතු, මේ හැම එකකම මිල ඉහළ යාම පාලනය කරන්න පුලුවන් ඩීසල් සඳහා බදු සහනයක් දුන්නොත්. එහෙම බදු සහනයක් දීමෙන් රජයට අහිමි වෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 7ක් වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ පාඩුව දරාගෙන ඩීසල්වලට සහනයක් නොදුන්නොත් ඉදිරි කාලය ඇතුළේ රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වෙන එක නවත්වන්න පුලුවන් කමක් නෑ. අපිට ආරංචි විදිහට දැන් ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්නවා බලශක්ති හිඟයත් එක්ක පාසල් වහන්න. අපි කියනවා එහම වුනොත් ඒක දරුවන්ගේ අධ්‍යාපනය පෞරුෂත්වය කඩා වැටෙන්න හේතුවෙන ක්‍රියාවක්. ඒ නිසා ඉදිරියේදී පසල් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උද්ගත වුණොත් ළඟම පාසලට දරුවන්ව ඇතුළත් කරන්න පුලුවන් ක්‍රමවේදයක් දැන්මම සකස් කරන්න කියලා අපි මේ වෙලාවේ ආණ්ඩුවට යෝජනා කරන්න කැමතියි. ඒ සඳහා සියලු ග්‍රාමීය පසල්වල පහසුකම් වැඩි දියුණු කිරීමට වහාම ප්‍රතිපාදන වෙන් කරන්න ඕන. මේවා තමයි මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට ගන්න ඔන රැඩිකල් ක්‍රියාමාර්ග ” යනුවෙන් පැවසීය.

The post මැදපෙරදිග යුද්ධය මැද ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් ගොඩ එන්න පෙරටුගාමීන්ගෙන් යෝජනා! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here