ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ බලශක්ති හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ග රැසකට ලෝකයේ දියුණු රටවල් පවා මේ වනවිට එළඹී තිබේ.
ජර්මනිය මුලින් ම හදිසි බලශක්ති අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර, පිලිපීනය ද එම ක්‍රියාමාර්ගය අනගමනය කර ඇත. ඕස්ට්‍රේලියාව ගෙවී ගිය සති තුන තුළ දී අවස්ථා කිහිපයක දීම මිල ඉහළ දමා, ඉන්ධන සඳහා වූ බදු සහන කප්පාදු කර තිබේ. ඉන්දියාවේ ඉන්ධන හිඟයක් ඇතිවීම පිළිබඳව ජනතාව නොසන්සුන් වී සිටින අතර, රජයට පාලනය කළ නොහැකි තරම් දිග පෝලිම් පවතින බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.
චිලී රාජ්‍ය එරට ඉතිහාසයේ විශාලතම මිල ඉහළ දැමීම සිදු කරමින් ඉල්ලුම පාලනය කිරීමට වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගෙන තිබේ. බංගලාදේශයේ දිගු පෝලිම් ඇති අතර, මෙම මාසය තුළ දෙවැනි වරට ද මිල ගණන් ඉහළ දමා ඇත.
1
Saru News
















