රුව සුරකින ආහාර

0
13


රුව ලස්සන කරගන්නට වෙහෙසෙන ඔබ බාහිර සත්කාර වගේම පෝශනීය සත්කාරයන් ගැනත් මනාව සැලකිලිමත් වෙන්නට සිදුවෙනවා. ඉතින් කේල් කොළ කියන්නෙ ඔබේ රුව ඔප් නංවන්නට සමත් ඉහළ පෝෂනීය සත්කාරයක් ලබා දීමට සමත් ආහාරයක් …

කේල් කොල සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කේල්  කොල කෝප්ප 1
  • ඔලිව් තෙල් මේස  හැදි 1
  • බ්‍රොකලි කෝප්ප දෙකක්
  • පෙති කැපූ ආමන්ඩ් ග්‍රෑම් 10ක්
  • චෙඩාර් චීස්  ග්‍රෑම් 50 ක්
  • කැරට් ග්‍රෑම් 10ක්
  • ලූනු ගෙඩියක්
  • දෙහි යුශ ස්වල්පයක්
  • අබ ක්‍රීම් ස්වල්පයක්
  • සුදු ලූනු බික් 1
  • වියලි ඔරිගානෝ ස්වල්පයක්
  • ලුණු, ගම්මිරිස් අවශ්‍ය පදමට

සාදන ආකාරය: 

කේල් කොළ, බ්‍රොකලි, කැරට්, ලූනු, සුදු ලූනු කපාගන්න. භාජනයකට ඔලිව් තෙල්, චෙඩාර් චීස්, දෙහි යුශ, අබ ක්‍රීම්, වියලි ඔරිගානෝ, ලුණු, ගම්මිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න. කපාගත් එළවලු සියල්ල එකම බදුනක ට දමන්න. එයට සාදාගත් මිශ්‍රණයද එක්කොට මිශ්‍ර කර පිළිගන්වන්න.

හතු සමග කේල්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තෙල් මේස හැදි 2
  • සුදු ලූනු බික් 2
  • හතු ග්‍රෑම් 50
  • කේල් කොළ ග්‍රෑම් 100
  • ලුණු ගම්මිරිස් අවශ්‍ය පදමට

සාදන ආකාරය:

තෙල් රත්කොට එයට සුදු ලූනු සහ හතු එක්කරන්න. හතු හොදින් මැලවුනු පසු කේල් කොල එක්කරන්න. කේල්  කොල මැලවුනු පසු ගම්මිරිස් මිශ්‍ර කර කෑමට ගන්න.

ගාලික් ගේල්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • කේල් කොල ග්‍රෑම් 100
  • ඔලිව් තෙල් මේස හැන්දක්
  • කපන ලද සුදු ලූනු  බික් හතරක්
  • ලුණු, ගම්මිරිස් අවශ්‍ය තරමට

සාදන ආකාරය :

කේල් කොළ තරමක් ලොකුවට කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් රත් කරගන්න. එයට සුදුලූනු එක්කර විනාඩි කිහිපයක් තබා ලුණු ගම්මිරිස් එක්කර කෑමට ගන්න.

– ඉරේශා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here