“සතියේ දවස් තුනක හතරක ඇඳුම් එකට එකතු කරලා හෝදන්න”

0
4

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්වය කවදා අවසන් වේදැයි කිව නොහැකි බැවින් ජනතාව විදුලි පරිභෝජනය හැකිතාක් අඩුකරගෙන මීට සූදානම් වියයුතු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“දැන් මේකෙ තියෙන තත්වය අනුව අපට තේරෙන්නෙ නෑනෙ කවදා ඉවර වෙනවාද කියලා. ඉක්මනින්ම ඉවර වෙනවා නම් හොඳයි. හැබැයි හෙට ඉවර වුණත් ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිරිපහදුවලට, ගබඩාවලට, වරායවල්වලට වෙලා තියෙන හානිය නිසා ඒ වේගෙන්ම මෙහෙ මිල අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. 

ඒක නිසා අපි කරන්න ඕනෙ මේකට ටිකක් සූදානම් වෙන එක හොඳයි. ඉතින් අපි ඉල්ලීමක් කරන්නෙ, ජනතාවගෙනුත් අපි දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගන්න ඕනෙ, පුළුවාන් තරම්, විශේෂයෙන්ම නගරවල අමතර විදුලි පහන් නිවාදාන්න කියලා. 

ඊළඟට දැන් ගෙදරක වුණත් සමහරු හැමදාම වොෂීන් මැෂීන් එක පාවිච්චි කරන කෙනෙකුට සතියේ ඕෆ් පීක් අවර්ස්වල – දවල් දවසේ – අර අපි බලනවානෙ ගෙදර ඉන්න වෙලාවෙම වොෂින් මැෂීන් එක දාගන්න, නේද ? එහෙම නැත්නම් ගෙදර ඉන්න කෙනෙකුට ඒක කියලා දවල් වරුවක, සාමාන්‍ය වෙලාවක ඒක ඔන් කළා නම් හරි. ඒක සතියේ දවස් තුනක හතරක ඇඳුම් එකට එකතු කරලා හෝදන්න පුළුවන්. එහෙම අපි හිතමු ඒ විදියට හැමතිස්සෙම. 

පුළුවන් තරම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. මොකද රස්නෙ වැඩිවුණාම මිනිස්සු වැඩිපුර ඒසී පාවිච්චි කරනවා, වැඩිපුර ෆෑන් පාවිච්චි කරනවා, ආයෙ විදුලිය වැඩිපුර පරිහරණය කරනවා. මේක ඔක්කොම එකට පැටළිලා තියෙන්නෙ දැන්. ඒ හින්දා හැමෝම කල්පනා කරනවා නම් මේ ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති වැඩසටහනක් අමතමිනි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here