වැඩිහිටි දීමනාව හෙට

0
5

වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව එළැඹෙන මාර්තු 26 වැනිදා එනම් හෙට ගෙවීම් සිදු කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා 622,462 දෙනෙකුට මෙම වැඩිහිටි දීමනාව ලබා දෙන බවත් මේ සඳහා රුපියල් 3,112,310,000 මුදලක් ද දෙවන අදියරේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙකුට රුපියල් 356,695,000 ක මුදලක් මාර්තු මස 26 වැනි දින ඔවුන්ගේ ගිණුම් වෙත යොමු කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.

සියලු ප්‍රතිලාභීන්ට මාර්තු මස 26 වැනි දිනට අදාළ මුදල ප්‍රතිලාභී ගිණුම් තුළින් ලබා ගත හැකි බව ද එම මණ්ඩලය නිවේදනය කරයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස ුවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා මෙම වැඩිහිටි දීමනාව ප්‍රතිලභීන්ට ලබා දෙනු ලැබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here