ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා නිකුත් කිරීම ඔස්ට්‍රේලියාව තාවකාලිකව නවත්වයි

0
4

ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත් කර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම තීරණයට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉරානයේ සිට පැමිණෙන තාවකාලික අමුත්තන් ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසු නැවතත් සිය රට බලා යාමට “නොහැකි හෝ අකමැති වීමේ” වැඩි ප්‍රවණතාවක් පවතින බවය.

මෙම තහනම හෙට සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි මාස හයක කාලය සඳහා බලපැවැත්වේ.

ඔස්ට්‍රේලියාවේ පදිංචි දරුවන් සිටින ඉරාන ජාතිකයන්ට සහ දිගුකාලීන වීසා හිමියන්ට තවදුරටත් මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වේ.

මේ වන විට ඉරාන ජාතිකයන් 7,000ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා සංචාරක වීසා බලපත්‍ර ලබාගෙන ඇති බව වාර්තා වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “ශීඝ්‍රයෙන් වෙනස් වන ගෝලීය තත්ත්වයන් හමුවේ රජය ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් මෙම පියවර ගත්” බවය.

මෙම තීරණයට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් විවේචන එල්ල වී තිබේ. ඔවුන් පවසන්නේ මෙය “අසාධාරණ තීරණයක්” බවය.

මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකාවන් පිරිසක් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීම වැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට රජය මෙලෙස කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි.

සාමාන්‍යයෙන් ඒකාධිපති පාලනයන් සහිත රටවලින් රැකවරණ පතන පුද්ගලයන්, සංචාරක වීසා මගින් පැමිණ පසුව දේශපාලන රැකවරණ ඉල්ලීම සාමාන්‍ය ක්‍රමවේදය බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here