නිල සංචාරය නිමා කරමින් මෝදි දිවයිනෙන් පිටව යයි

0
13


දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනෙන් පිටව  ගොස් තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලායි පිටත් වුණේ.

ඒ, තමිල්නාඩු ප්‍රාන්තයේ අද (06) පස්වරුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමටයි.

පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ ඔහු සටනක් යොමු කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම පිළිගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවයි.

එමෙන්ම මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති අතර එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here