
දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (5) මධ්‍යහ්නයේ දිවයිනෙන් පිටව ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා යනු ඇතැයි වාර්තා විය. ඔහු ශ්‍රී ලංකාවට ආවේ තායිලන්තයේ සිටය.
තමිල්නාඩු ප්‍රාන්තයේ අද (06) පස්වරුවේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමට නියමිතය.
“තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බව” මෝදි එක්ස් සටහනකින් පවසා ඇත.
එමෙන්ම මෙම සංචාරය අපගේ ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති අතර එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිට පණිවිඩයේ සඳහන් කර තිබෙයි.

Saru FM Media