දකුණු ආසියානු කලාපයේ එකම අති නවීන 4D ඇන්ජියෝ CT පද්ධතිය ශ්‍රී ජයර්ධනපුර මහරෝහලේ අද (24) ස්ථාපිත කරන ලදී.
එය, ශ්‍රී ලංකා රුපියල් මිලියන 1000කට අධික ජපන් රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ස්ථාපිත කරන ලද අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංගසම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකයකි (Dental Health Unit).
එම ඒකකය ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) ගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ එම රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.
මෙම 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය අතිනවීන තාක්ෂණයෙන් යුක්ත වන අතර, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ දකුණු ආසියානු කලාපයේ කිසිඳු රෝහලක මෙවැනි අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D ඇන්ජියෝ CT පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.




1
Saru News
















