එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි මාලාවකුත් පැතිරෙයි… – Saru News | සිංහල

0
4

ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා (Nebraska) ප්‍රාන්ත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි මාලාව පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් මේ වනවිට අක්කර නව ලක්ෂයකට (900,000) අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාර්තු 12 වැනිදා ආරම්භ වී ඇති මෙම ලැව්ගිනි මාලාවෙන් පැයට සැතපුම් 60ක පමණ වේගයෙන් හමායන ප්‍රබල සුළං සහ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.

විශේෂයෙන්ම `මොරිල්’ (Morrill Fire) ලෙස හැඳින්වෙන ප්‍රධාන ලැව්ගින්න පැය 12ක් වැනි කෙටි කාලයක් තුළ සැතපුම් 70කට වඩා දුරක් පැතිර ගොස් ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යසනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, පශු සම්පත් විශාල ප්‍රමාණයක් සහ නිවාස ඇතුළු දේපළ රැසක් විනාශ වී ඇත. ලැව්ගින්නෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ගොවීන් සහ පශු සම්පත් හිමියන් සඳහා ආධාර සැපයීමට ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) දැනටමත් පියවර ගෙන තිබේ.

නෙබ්‍රස්කා ආණ්ඩුකාර ජිම් පිලන් (Jim Pillen) විසින් මේ වනවිට ප්‍රාන්තය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගිනි නිවීම් කටයුතු සඳහා ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සහාය ද ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී නැවතත් උෂ්ණත්වය ඉහළ යාම සහ සුළං තත්වයේ වෙනස්වීම් මත ලැව්ගිනි නැවත ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ අංශ අනතුරු අඟවයි.

2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here