ලංකාවට ඔලිම්පික් දිනන්න කියුබාවෙන් උදව්’

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 24, කොළඹ LNW:

කියුබාවට සම්බාධක පනවා තිබුණත්, රටක් ලෙස ක්‍රීඩාව තුළින් ඉදිරියට පැමිණ ඇති බවත්, කියුබාව සතු අත්දැකීම් තුළින් ඔලිම්පික් පදක්කම් කරා යාමට ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට කියුබානු රජය කැමති බවත් ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා ප්‍රකාශ කළාය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ඇය අතර හමුවක් මාර්තු 23දා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු වූ අතර තානාපතිවරිය එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කියුබානු රජයේ උපරිම සහයෝගය ලබා දෙන බව පවසමින් මෙසේ අදහස් දැක් වූවාය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර දිවි පාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, ඉදිරියේදී මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදිය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

කියුබාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී දෙරට ඒකාබද්ධව කළ හැකි ව්‍යාපෘතීන් පිළිබඳව අවධානය යොමු කරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර සහ තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති ලලීශ කහටපිටිය ද එක්වූහ.

The post ලංකාවට ඔලිම්පික් දිනන්න කියුබාවෙන් උදව්’ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here