බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කල ස්ථාන දෙකක් මුද්‍රා තැබේ 

0
13


බත්තරමුල්ල ප්‍රදේශයේ සහ බොරැල්ල ප්‍රදේශයේ  සුරා බදු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන දෙකක් සුරා බදු කොමසාරිස් ජනරාල් විසින් මුද්‍රා තබා තිබෙනවා 

ඒ සුරාබදු කොමසාරිස් ජනරාල් හට ලද විශේෂ තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් සමඟ සිදු කළ වැටලීමෙන් අනතුරුවයි 

වැඩිදුර විමර්ෂණ කටයුතු සුරා බදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතාගේ නියෝග මත සිදු කරන බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේ 

තවද සුරා බදු ආදායම සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන උත්සව සමයේ බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණය මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා සංසරණය වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here