මාර්තු 09 වන දා පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ එම කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු යළි ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ අද (24) ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ, රුපියල් මිලියන 243ට අධික නීති විරෝධි වත්කම් ඉපැයීම සම්බන්ධයෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම පවසා ඇත්තේ, මෙම සැකකරු විසින් 2015 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා කාලය තුළ හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බවය.
අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි විමර්ශන නිලධාරීන් පවසා තිබෙන්නේ, සැකකරු, ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් එක්ව විදෙස් සංචාර බොහෝ ප්‍රමාණයක් ගොස් තබුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු වියදමක් දක්වා නොමැති බවය.
පසුව සිදු කරන ලද විමර්ශනවලින් සැකකරුගේ බිරිඳ විසින පුද්ගලක බැංකු ගණුම් පවත්වා ගෙන ගොස් තිබු බවත් එහි ලක්ෂ 340ක පමණ මුදලක් සොයා ගත හැකි වු බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත
සැකකරුගේ බිරිඳ විසින් ලක්ෂ 400කට අධික නව ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.
මෙම විමර්ශනයට අදාළව සැකකරුගේ බිරිඳ ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසමෙන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
0
Saru News












