අභිරහස් ලෙස මිය ගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (23) දින හමු වූ බව හග්ගල වන ජීවි කාර්යාලයේ නිළධාරින් පවසයි.
පුස්සැල්ලාව පොලිස් වසමට අයත් කොත්මලෙ මාවෙළ, තම්පිටිය ප්‍රදේශයේ කැලෑවක කදුකර කොටියෙකු මිය ගොස් සිටි බවට ලද තොරතුරක් මත මිය ගිය කදුකර කොටියාගේ සිරුර හමු වූ බවයි වන ජීවි නිළධාරින් කියා සිටියහ.
මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බව සඳහන්ය.
Saru News












