කොළඹ LNW:හෙරොයින් අයිස් සහ කුෂ් මත් ද්‍රව්‍ය කිලෝ තුනකට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙක් මාලබේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත එක් සැකකරුවෙක් මාලබේ උඩවත්ත පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සතුව තිබී ග්‍රෑම් 50කට ආසන්න හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇත. මාලිබේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පෞද්ගලික ඔත්තුවක් මත එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු හෙරොයින් ලබාගත් පුද්ගලයා අනාවරණය කරගෙන එම සැකකරු කහන්තොට ප්‍රදේශයේදී අත්ඩංගුවට ගෙන ඇත.
ඒ අනුව එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්දුව්‍ය කිලෝ 01 ග්‍රැමි 800 ක් අයිස් මත්දුව්‍ය කිලෝ 01 ග්‍රැමි 200 ක් සහ කුෂ් මත්දුව්‍ය ග්‍රැමි 500 ක් සොයා ගැනීමට හැකි වී ඇති අතර මීට අමතරව යතුරුපැදියක්,දුරකථන දෙකක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු කළුතර පයාගල කැකුණගහවිල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ ප්‍රදීප් විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

The post මාලබේ පොලීසිය කෝටි 5ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි! appeared first on LNW Sinhala.
Saru News















