මේෂ
තරමක් රාජකාරිවලදී ප්‍රවේශම මැනවි. අනවශ්‍ය බලපෑම් එල්ල වෙයි. ඉවසීමෙන් දවස ක්‍රියා කළ යුතුය. සතුරු බලපෑම් ඇති කරයි. තරමක් වැය පසද ඉහළ යයි. අවිවේකී දිනයකි සිරස රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස ජය අංකය – 01
වෘෂභ
අවිවේකී බව ගෙන දෙයි. රාජකාරි පැවරෙන ලෙසට ඉටු කරයි. පරෝපකාරීව ක්‍රියා කරයි. ඉඩකඩම් වලට ද ආරාවුලකට හේතුයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අතර වැය පසද ඉහළ යයි. මුත්‍රා රෝග මේහ රෝග මතු වෙයි. ශුභ වර්ණය – සුදු ජය අංකය – 07
මිථුන
ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. වගකීම් බහුල දිනකි. තම අරමුණු පසෙකලා පොදු ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙනි.. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ – ජය අංකය – 08
කටක
ගමන් බිමන් යෙදේ. ඍජු ගුණයෙන් රාජකාරිවල යෙදේ. තරමක් මතවාද පැන නගී. බුද්ධිමත්ව තීරණ ගත යුතුය තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද කැපවීමට සිදුවන දිනකි. හදිසි ලාභ ලබයි. ආමාශ ගත රෝග, මූල රෝග මතු වේ. ශුභ වර්ණය – රන්වන් ජය අංකය – 05
සිංහ
ශුභාශුභ ඵල මතු කරයි. කරගෙන පැමිණි ව්‍යාපාරවල හැලහැප්පීම් මතු කරයි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවල ද යෙදේ. වාතාධික රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 01
කන්‍යා
ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් පීඩා කර්ම දැනේ. ව්‍යාපාරවල තරමක් අගතියකට හේතු ගෙන දෙයි. තම ඥාතීන් වෙනුවෙන් පොදු සේවා කටයුතු වෙනුවෙන් වැය පස ඉහළ යයි. පාද ආබාධ දෙයි. ශුභ වර්ණය – කොළ ජය අංකය – 06
තුලා
අවිවේකී දිනකි. ක්‍රියාකාරීවල ද පැටලිලි ස්වරූප මතු කරයි. මනසට අවිවේකය ගෙන දෙන අතර කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු වෙයි. රාජකාරි බහුල වෙයි. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 07
වෘශ්චික
සාමාන්‍ය ලෙසින් දවස ගෙවන අතර තම සැලසුම් ක්‍රියා කිරීමට නොහැකි වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කිරීමට සිදු වෙයි. පෙනහලු ආසාදන රෝග මතු කරයි. වෙහෙස ගෙන දෙයි. ශුභ වර්ණය – රතු ජය අංකය – 03
ධනු
ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු සඳහා විය පැහැදම් අධික වෙයි. ආගමික චාරිත්‍ර ගරු කරන දිනකි. හදිසි ධන ලාභ ලබයි. ආහාර විෂවීම්වලට හේතුයි. ශුභ වර්ණය – කහ ජය අංකය – 04
මකර
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. දුරස්ථව සිටි ඥාතින් සමීප වෙයි. තරමක් ආත්මාර්ථකාමී ගති මතු වෙයි. ආගමික චාරිත්‍ර දාන ශීලාදී ගුණධර්මවලට ගරු කරයි. අවිවේකී බව දකියි. හදිසි රෝග, කැපුම් කෙටුම් යෙදේ. ශුභ වර්ණය – නිල් ජය අංකය – 02
කුම්භ
ක්‍රියාශීලී දිනකි. නමුත් අවිවේකය ඇති වෙයි. ප්‍රීති උත්සව සුහදතා වර්ධන කරන ක්‍රියා ආදියෙහි යෙදේ. ඇසුරින් දුරස්ථ ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. තෘප්තිමත්ව ක්‍රියා කරයි. ස්නායු ගත රෝග මතු කරයි. ශුභ වර්ණය – දම් ජය අංකය – 05
මීන
සැහැල්ලුවෙන් දවස ගෙවයි. දහමට අවතීර්ණව අධ්‍යාත්මික ගුණ කෙරෙහි අවධානයෙන් පසුවිය යුතුය. පදිංචියේ වෙනසකට ක්‍රියා කරයි. හදිසි ධන ලාභ ද ලබයි. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා දුඹුරු ජය අංකය – 09
Saru FM Media