දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ CT Scan පරීක්ෂාව අඩපණ වූයේ ඇයි?

0
4

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දින කිහිපයක සිට CT Scan පරීක්ෂාව සිදු නොවන බවට රෝගීන් විසින් මැසිවිලි නඟන බව වාර්තා විය. පසුව ඒ පිළිබඳව කළ අභ්‍යන්තරික සොයා බැලීමකදී වාර්තා වූයේ රෝගි පුද්ගලයකු විසින් කළ පහරදීමකදී අදාළ CT Scaner යන්ත්‍රයට අලාඟ හානි සිදුව ඇති බවයි.

එහිදී ඒ පිළිබඳ විමසීම් කිරීමේදී අදාළ රෝහල් බලධාරියා විසින් පවසා සිටියේ , අදාළ යන්ත්‍රයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හානි සිදුව නොමැති බවත් , එහි භාහිර වීදුරුව කොටස බිදී ගොස් ඇති බවත්ය. ඒ අනුව එය හැකි ඉක්මනින් ටෙන්ඩර් කැඳවා යතා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවද පැවසීය. තවද , සිදුවන ප්‍රමාදය පිළිබඳව රෝගීන්ගේ මැසිවිලි සාධාරණ බවත් එම බලධාරියා පැවසීය.

ඒ අනුව අදාළ CT Scan පරීක්ෂණ කටයුතු ඉදිරියේදී යතාතත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

විකිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇති විශේෂ වීදුරුව.
(Led glass)

The post දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ CT Scan පරීක්ෂාව අඩපණ වූයේ ඇයි? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here