නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

0
13

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ අනුව, ඊයේ (26) පෙරවරු 09.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම් දී ඇත.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ අදාළ දැනුම් දීම පොලිස් නිලධාරියකු විසින් තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට භාරදී ඇත්තේ ඊයේ පෙරවරු 09.50 ට බවයි.

“නාමල් රාජපක්ෂ මැතිතුමා අද තියෙන ඉන්දියානු ජනරජ දිනය වෙනුවෙන් මේ ගමන යන්න ආරාධනය ලැබිලා, ඒ අනුව හම්බන්තොට අධිකරණයේ තිබිච්ච නඩුව සම්බන්ධයෙනුත් මෝෂන් පත්‍රයක් ගොනුකරලා පොලීසිය, අධිකරණය දැනුවත් කරලා තමයි විදේශගත වුණේ. නමුත් ඉතාම පුදුම සහගත ආකාරයට අද දිනයේ, ඒ කියන්නෙ 2026 ජනවාරි 26 උදේ 09.50 ට පොලිස් නිලධාරියෙක් තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණිලා කැඳවීමක් බාරදෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාට අද උදේ 09.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කරන්න කියලා. 26 වෙනිදා උදේ 09.50 ට ලිපිය බාරදෙනවා තංගල්ලට 26 වෙනිදා උදේ 09.30 ට වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කරන්න කියලා. මං හිතන්නෙ වත්මන් පොලීසිය ශ්‍රී ලංකා පොලීසිය නෙවෙයි, මේකෙ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ පොලීසිය. ඔවුන් හිතාමතා කටයුතු කරනවා මෙවැනි කටයුතුවලින් ඔවුන්ට දේශපාලන වාසියක් ගන්න පුළුවන් වෙයි කියලා”

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඉදිරි දිනයකදී CIDය හමුවේ පෙනී සිටිනු ඇති බව සඳහන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here