ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ගබඩා පහසුකම් නිසිපරිදි සකස් කරගෙන තිබුණා නම් ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.
නමුත් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි කළමනාකරණයකින් නොමැති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
”QR භාවිතා කළාට අපි දන්නවා තෙල් සංස්ථාවේ සියලු ගබඩා පහසුකම් එහෙම නැත්නම් ඉන්දියානු ඔයිල් සමාගමේ ගබඩා පහසුකම් මේ සියල්ල පාවිච්චි කළොත් සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ හතරහමාරකට පහකට අසන ප්‍රමාණයක් මේ රට ඇතුලේ තෙල් ගබඩා කරගන්න පුළුවන්. එතකොට ඒ ගබඩා කරගැනීමේ ඉන්ධන ප්‍රමාණය මේ යුද්ධය පටන් ගන්න කලින් අපි දන්නවා පෙට්‍රල් නම් පරිභෝජනය වුණේ මෙට්‍රික් ටොන් 2000යි 2500යි, ඩීසල් නම් පරිභෝජනය වුණේ 3000-2800යි,මේ ගණනය කිරීම කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් සියලු ඉන්ධන මෙට්‍රික් ටොන් 5000කට 6000කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනය කරනවා නම් අපිට හිතාගන්න පුළුවන් සාමාන්‍යයෙන් මාස තුනකට විතර ඉන්ධන ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒ කළමනාකරණයේ සහ ඒ වැඩපිළිවෙල කරන්නේ නැතුව, අපි ගත්තොත් කඳුරට බෙදා හැරීම් මධ්‍යස්ථාන දෙක තුනකටම දුම්රිය ප්‍රවාහනය කරන්න බැහැ. ඒවා ප්‍රවාහනය කරන්නේ පාරේ දුවන බවුසර් රථ මඟින්. මේවා හරියාකාරව සකස් කරගෙන නැහැ. ජනාධිපතිතුමාම කිව්වනේ මුහුදේ තියෙනවා දැන් මේ වෙලාවේ තැරව්කරුවන්ට අවස්ථාවක් අපිට කරන දෙයක් නෑ, නමුත් අපි කතා කරලා ඒ මිල ගහල ගන්නවා කියල. ඒ මිල ගහල ගන්න පුළුවන් අපිට ගබඩා වල සීමාවටවත් ගබඩා කරගත්තා නම්. එහෙම ගබඩා කරගත්තා නම්, ඒක හරියට කළමනාකරණය කර ගත්තා නම් අපිට අනවශ්‍ය බියක් ඇති කරගන්න දෙයක් නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

The post ඉන්ධන ගබඩා කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන ගැටලුවට පොහොට්ටුවෙන් විසඳුම්! appeared first on LNW Sinhala.
Saru News
















