අද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා සියල්ල නවතී

0
3


පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල අද දිනයේ මහජන සේවාවන් සිදුනොවන බවය.

ඒ අනුව අද දිනයට ක්‍රියාත්මක වීමට නියමිතව තිබු හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

පද්ධතියේ පවතින දෝෂය කඩිනමින් නිරාකණය කර මහජන සේවා කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ දිනයේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් අද දින සේවාවන් ලබානොදෙන බව දැනුම් දුන්නද අද උදෑසන බොහෝ පිරිසක් එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.

එහිදී අදහස් දක්වමින් ජනතාව පවසා සිටියේ, ඊයේ දිනයේ දී ද සේවා ලබාගැනීමට නොහැකි වූ අතර, අද දිනයේදී ද සේවය ලබාදීමට ‍නොහැකි බව දැනුම්දී ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here