කරදිය හා මිරිදිය ධීවර කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වයඹ පළාතේ ධීවර ප්‍රජාව වෙත තෙප්පම්, ඔරු, කොල්ලෑ, දැල්කූඩු ඇතුළු ධීවර ආම්පන්න බෙදාදීමේ වැඩසටහනක් වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරියගේ ප්‍රධානත්වයෙන් හලාවත ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද රාජ්‍ය නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රුපියල් මිලියන 15ක මුදලක් මේ සඳහා වැය කර ඇති අතර වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය මගින් මෙය සංවිධානය කරන ලදී.










1
Saru News










