පවුලකට එරෙහි නඩුව මැයි 08 – Saru News | සිංහල

0
4

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයන් සියලු දෙනාට එරෙහිව මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග ගණනාවක් පවතින අතර රමිත රඹුක්වැල්ලට එරෙහිව රුපියල් මිලියන 276ක් සම්බන්ධ නඩුවේ සාක්ෂි විමසීම මැයි 08 වෙනි දින සිට ආරම්භ කිරීමට නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරා ඇති එම නඩුව ඊයේ (23) විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකරුවන් සිව්දෙනෙකු මැයි 08 වෙනි දිනට කැඳවනු ලැබීය.

රමිත රඹුක්වැල්ල 2022 ජනවාරි 01 වෙනිදා සහ 2023 සැප්තැම්බර් 14 වෙනිදා අතර කාලය තුළ රුපියල් මිලියන 296ක් උපයා ගත් ආකාරය මෙන් ම එයින් රුපියල් 276ක් වැය කර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිල දී ගැනීම පදනම් කර ගෙන මෙම නඩුව පවරා තිබේ. අදාළ මුදල් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම මත අල්ලස් හෝ දූෂණ නඩු පවරා ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here