මීට පෙරත් විදුලි කප්පාදුවලට මෙරට ජනතාව මුහුණ දී ඇති හෙයින් ඒ කාලසීමාවේදී භාවිතා කළ උපකරණම යළි භාවිතා කරමින් විදුලි පද්ධතිය කාර්යබහුලම වන කාලසීමාව තුළ විදුලි පරිභෝජනය අඩුකරන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
“අපිට පුළුවන් නම් හවස 06 ඉඳලා රෑ අපි නිදාගන්න 10 වෙනකල් විදුලි පරිභෝජනය අඩුකරන්න – අපි කාලයක් අඳුරේ ඉඳලා තියෙන මිනිස්සු, ලයිට් කපපු කාලෙක ජීවත් වෙච්ච මිනිස්සු, ඒ කාලෙ අපි ලයිට් නැති වෙලාවට භාවිතා කරපු තාක්ෂණික උපකරණ ටිකක් අපේ ගෙවල්වල තියෙනවා. ඒ ටික අපි පාවිච්චි කළොත් අපිට පුළුවන් මේ පීක් ඩිමාන්ඩ් එක යම්කිසි ප්‍රමාණයකට අඩුකරගෙන ශක්තියක් වෙන්න”
චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති උත්සවයක් අමතමිනි.
The post හවස 6 සිට රෑ 10 දක්වා විදුලි පරිභෝජනය අඩුකර අපිට ශක්තියක් වෙන්න – ඇමති චතුරංග ජනතාවගෙන් ඉල්ලයි appeared first on LNW Sinhala.
Saru News
















