රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතා කරමින් පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන 28 වනදා යළි කැඳවීමට නියමිතය.
මෙම නඩුවේ විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක් හමුවේ නඩු පවරන බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය නොවැම්බර් 19 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, විදෙස්ගත වීමට අවසර ඉල්ලමින්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සිය නීතිඥවරු මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබූ මෝසම එදින කැඳවූ අවස්ථාවේදීයි.
මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට එංගලන්තයේදී ප්‍රකාශ කිහිපයක්ද ලබාගෙන මෙරටට පැමිණ සිටී.
මීට අදාළ විශේස සැසියක් පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේදී පවත්වා ඇතැයිද සමාජ මාධ්‍යවල වාර්තා පල විය.
5
Saru News










