ලයිට් කපන්නේ නෑ කිව්වට ඔන්න බලන්න කපනවා – සමඟි හර්ෂණ

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙන නමුත් අනිවාර්යෙන්ම ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට ආණ්ඩුව සුදානම් වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවසුවේය.

එම වැඩි කරන මුදලද විශාල අගයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

”රටේ විදුලි අර්බුදයත් මැදපෙරදිග යුද්ධයේ ගිණුමට බැර කරන්න ආණ්ඩුව උත්සහ කරනවා. රටේ සිදුවුණ මහා පරිමාණ ගල් අගුරු වංචාවත් සමඟ අවශ්‍ය බලශක්ති ප්‍රමාණය නිෂ්පාදය කරන්න ලක්විජය බලාගාරයට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා විදුලිය නිෂ්පාදනයට ඩිසල් බලාගාර යොදා ගන්න සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත් මහ පරිමාන ගල් අගුරු වංචාවත් වහා ගන්න ජනාධිපතිවරයා දැඩි උත්සාහයක නිරත වෙනවා. රටට සිදුවුණ බිලියන ගණන පාඩුව පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් ගෙවන්නේ නැහැ. රටේ අහිසංක ජනතාවටයි මෙම පාඩුව ගෙවන්න සිදුවන්නේ. ඒ වගේම ආණ්ඩුව සම්පුර්ණයෙන්ම රට අර්බුදයකට , අගාධයකට ඇද දමන්න උත්සහ කරනවා. ඒ වගේම ආණ්ඩුවට රටේ ජනතාව පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැහැ. ඒ නිසා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හේතුවේන රටේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් වෙනවා.

ඒ වගේම මීට වඩා අර්බුදකාරි තත්ත්යක් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේදී ඇතිවුණා. උතුරෙත් යුද්ධය දකුණෙත් යුද්ධය. ඒ වගේම මැදපෙරදිගත් ඒ වනවිට දැවැන්ත යුදමය වතාවරණයක් ඇති වී තිබුණා. ඒ අවස්ථාවේදී මැදපෙරදිග සේවයට ගිය බහුතරයක් නැවත ලංකාවට පැමිණ තිබෙනවා. ඔවුන්ට වන්දි මුදලක් ලබාදෙන්නත් එදා ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දක්ෂ කළමනාකාරිත්වය හේතුවෙන් රටේ ආර්ථිකයත් , රටේ ජනතාවත් ආරක්ෂා කර ගන්න හැකියාව ලැබුණා. අද්දැකිම් නැති , ජාත්‍යන්තර සම්බන්ධතා නැති වර්තමාන ආණ්ඩුවට මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අර්බුදකාරි තත්ත්වයන් වලදි මුලින්ම කළ යුතු දේවල් පිළිබඳව පැවැති ආණ්ඩුවලට ප්‍රකාශ කර තිබුණ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

”කොවිඩ් වසංගතය සමයේදී, ආර්ථික අර්බුදය අවස්ථාවේදී, දිට්වා සුළි කුණාටුව පැමිණි අවස්ථාවේදී, මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමට පෙර මුලින්ම කළ යුතු දේවල් පිළිබඳව පැවැති ආණ්ඩු සහ වර්තමාන ආණ්ඩුව දැනුම්වත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ දේවල් අද සත්‍ය වී තිබෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ අද (23) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

The post ලයිට් කපන්නේ නෑ කිව්වට ඔන්න බලන්න කපනවා – සමඟි හර්ෂණ appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here