හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනයට විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ලබා දී තිබූ පැය 48ක කාලය නිමා කිරීමට ආසන්න වෙමින් තිබියදී ලේකයේම අවධානය දැඩිව යොමු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් 22දා පෙරවරු 5.30ට පමණ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පැය 48ක කාලය ලබා දුන්නේය. එම කාලය තුළ විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන සියල්ල වනසා දමන බවට දැඩි ප්‍රකාශයක් කර තිබිණි.
එහෙත් එම ප්‍රකාශයට පිළිතුරු දුන් ඉරානය එවැනි පහරදීමක් කළ හොත් කලාපයේ සියලු බලශක්ති මධ්‍යස්ථානවලට පෙරලා පහර දෙන බවට ඉරානයද අනතුරු ඇඟවීමෙන් ලෝකයේ යුද උණුසුම තවත් වටයකින් දැඩිව පැතිරගියේය.
1
Saru News
















