කෘෂිකර්ම ඇමතිට කියන්න… – Saru News | සිංහල

0
4

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් ආයතනවලින් ඇතිවන ගැටළු පිළිබදව සෘජුවම සාකච්ඡා කිරීමට අදාළ නිලධාරීන් සහ ඔවුන් සම්බන්ධ කරගත හැකි දුරකතන අංක පිළිබඳව ඇමති ලාල්කාන්ත සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනතාවට දැනුම් දී තිබේ.

එම සටහන පහතින් දැක්වේ,

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, මහවැලියත් ඇතුළුව අමාත්‍යවරයා ලෙස ඔබට අමාත්‍යාංශ මට්ටමින් යම් කාරණයක් කරගැනීමට අවශ්‍ය නම්, යම් ගැටළුවක් සිදුවී ඇත්නම්, යම් අසාධාරණයක් සිදුවී ඇතිනම් මාගේ දුරකථන අංකයට Whatsapp Voice Message එකකින් කෙටියෙන් දන්වන්න. (අංකය :- 071 2473104 )

මා ඔබට මාර්ගෝපදේශනය දක්වන අතර, ඔබට ඒ මාර්ගය ඔස්සේ අවශ්‍ය කටයුතු සලසා ගත හැකිය.

සඳුදා මහජන දිනයක් වුවත් මා හමුවීමට අවශ්‍ය නම් සම්බන්ධීකරණ ලේකම්තුමාගෙන් කලින් වේලාව වෙන්කර ගැනීමක් අවශ්‍යය.

(සම්බන්ධීකරණ ලේකම් ගාමීණී සේනාරත්න :- 071 8103579

මහජන සම්බන්ධතා නිළධාරී – රනිල් විමලරත්න :- 075 8040110)

ඔබට කොළඹ අමාත්‍යාංශයට එන්න අපහසුතාවයක් ඇත්නම්, මහනුවර මහජන දිනයට ද සහභාගී විය හැකිය. මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්තුමාගෙන් දිනයක් වෙන්කර ගත හැකිය.

(මහනුවර සම්බන්ධීකරණ ලේකම් කපිල :- 071 4464857)

ඔබගේ ඕනෑම ගැටළුවකට මාගේ කාර්යමණ්ඩලය මෙන්ම සම්බන්ධීකරණ ලේකම්වරුන් ඉතාම ඕනෑකමින් මැදිහත් වනු ඇත. පරිපාලන ක්‍රමවේදයකට අනුව ජනතා නියෝජිතයින් ලෙස අප කටයුතු කරන අතර, අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ ගැටළු කඩිනමින් නිරාකරණය කිරීමට මැදිහත් වන අතර, පුරවැසියෙකු ලෙස ඔබත් සහයෝගය දක්වනු ඇතැයි අපේක්ෂා කරමි.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here