ලෝකයම හොල්ලන අවියක් නැවතත් ක්‍රියාත්මකයි – Saru News | සිංහල

0
4

නිල වශයෙන් තුන්වන ලෝක යුද්ධය ලෙස නම් කර නොතිබුණ ද ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ දරුණු ප්‍රහාර හමුවේ ඉරානය විසින් “ඉකොනොමික් වෙපන්ස්” (Economic Weapons) යනුවෙන් විශ්ලේෂකයන් නම් කරන මුලෝපායික ක්‍රියාමාර්ග මගින් මුළු ලෝකයම කම්පනයට පත් වී ඇති බව විශ්ලේෂකයන්ගේ පොදු පිළිගැනීම වී තිබේ.

ඉරානය විසින් දියත් කර ඇති එම මූලෝපාය අනුව ලෝකයේ බලශක්ති මර්මස්ථාන, මූල්‍ය ගනුදෙනු මර්මස්ථාන සහ අත්‍යාවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු වෙළඳපොළ කේන්ද්‍රස්ථාන වෙත ලෝකය කම්පනයට පත් කරන බලපෑම් සිදු කර ඇත.

එම ආර්ථික මූලෝපාය ප්‍රවේශය 1970 දශකය මුල දී පෙට්‍රෝ ඩොලර් හඳුන්වා දීමත් සමඟ මැදපෙරදිග කේන්ද්‍ර ගත කර ගනිමින් ඇමරිකාව විසින් ආරම්භ කරන ලද අතර, අබුඩාබි, ඩුබායි ඇතුළු මූල්‍ය කේන්ද්‍රස්ථාන සහ දත්ත සහ දත්ත කේන්ද්‍ර ගොඩ නැගීම සඳහා වර්ධනය කර ගෙන තිබිණි. ඉරානයේ මූලික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඩුබායි සහ අබුඩාබි ඇතුළු එම කේන්ද්‍රස්ථානවල සුපිරි හෝටල් කාමර 80,000ක් පමණ දින කිහිපයක් තුල හිස් වී ඇති බව ද වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අංශ ගණනාවකින් මෙම පීඩනය එල්ල වෙමින් පවතී. එම තත්වය අවබෝධ කර ගනිමින් නව යථාර්ථවාදී ජීවන රටාවක් පිළිබඳ සමස්ත සමාජය ලෙස ප්‍රවේශ විය යුතු බව විද්වතුන් පෙන්වා දී තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here