ඉන්ධන නැතැයි සමාජ මාධ්‍යයේ බොරු ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

මෙරට ඉන්ධන හිඟයක් පවතින බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ සැකකරුවෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු විසින් සිදු කරන ලද මෙම අසත්‍ය ප්‍රචාර මඟින් විදේශිකයන් මෙරටට පැමිණීම අධෛර්යමත් කිරීම, සංචාරක ව්‍යාපාරයට හානි සිදුකිරීම මෙන්ම මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත් කිරීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here