දිල්ලිවරුන් කාසියේ වාසිය දිනා ගනියි

0
19


IPL ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් අද (05) පැවැත්වෙනවා.

එහි පළමු තරගය ඇරඹෙන්නේ දිල්ලි කැපිටල්ස්ට එරෙහිව චෙන්නායි සුපර් කින්ග්ස් අතර යි.

එය අද පස්වරු 03.30ට චෙන්නායි නුවර දී ආරම්භ වනවා.

මීට ටික වේලාවකට පෙර දිල්ලිවරුන් කාසියේ වාසිය දිනාගත් අතර පළමු ව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

දෙවැනි තරගය පන්ජාබ් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර ආරම්භ වන්නේ මුල්නාර්පූර් හි දියි.

මේ වනවිට IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම වන අතර ඔවුන් පැවති තරග දෙකම ජයග්‍රහණය කර මුලසුනේ සිටිනවා.

දෙවැනි තැන දිල්ලිවරුන්ට හිමි ව තිබෙනවා.

දිල්ලි කණ්ඩායම ද පැවති තරග දෙකම ජයගෙන තිබීමත් විශේෂත්වයක්.

මෙහි 09 වැනි ස්ථානය රාජස්ථාන් වෙත හිමිව තිබෙනවා.

ඔවුන් පැවති තරග තුනෙන් ජයගෙන ඇත්තේ එකක් පමණයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here